කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ, කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1395ක් වන අතර, එය මාස 15ක කාලසීමාවක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ටෙන්ඩර් කැඳවීම් සිදුකිරීමෙන් පසු, සංවර්ධන වැඩකටයුතු මේ වසර අවසානයේදී ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.