මේ වන විට ආසියානු රටවල් සහ චීනය අතර ඩොලර් ට්‍රිලියනයක පමණ ගනු-දෙනු සිදුවන්නේ යැයි පාඨලී චම්පික රණවක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Patali Champika Ranawaka YouTube නාලිකාවේ Pothcast වැඩසටහන තුළිනි. ඒ, Kishore Mahbubani සහ Jeffery Sng දෙපළ විසින් රචිත ”The ASEAN Miracle: A Catalyst for Peace” නමැති කෘතිය හඳුන්වා දෙමිනි.
කෘතිය පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් පාඨලි කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ ආයෝජන තවමත් ඉතා විශාල වශයෙන් ආසියානු කලාපයේ සිදුවන බවයි. එමෙන් දේශපාලනික වශයෙන් ගත්ත ද ඇමරිකාව සහ ආසියානු කලාපය තුළ විශාල වෙනස්කම් දක්නට නොලැබෙන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළවන්නේ Kishore Mahbubani සහ Jeffery Sng දෙපළ විසින් රචිත ”The ASEAN Miracle: A Catalyst for Peace” නමැති කෘතිය හඳුන්වා දෙමින් පාඨලී චම්පික රණවක කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.