විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ, ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇත.
ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට දිවෙන මාර්ගය මෙලෙස අවහිර වී ඇති බව වාර්තා වේ.
මේ අතර, විරෝධතාවයේ නිරත පිරිස නියෝජනය කරමින් සාකච්ඡාවක් සඳහා නියෝජිතයන් හය දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ඇති බවද වාර්තා වේ