සංවිධානාත්මක අපරාධකරුවන් වන “බැකෝ සමන්” සහ “තැඹිලි ලහිරු” දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබේ.
මෑතකදී කෙහෙල්බද්දර පද්මේ සමඟ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම අපරාධකරුවන් දෙදෙනාගෙන් ඔවුන් සිදු කළ අපරාධ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා මෙම අවසරය ලබා දී ඇත.