පාකිස්ථාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ ප්‍රහාර තුනකින් අවම වශයෙන් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, නිරිතදිග පාකිස්ථානයේ ක්වේටා නගරයේ දේශපාලන රැලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
එමෙන්ම තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද මාධ්‍ය වාර්තා කරයි.
බලුකිස්තාන් ජාතික පක්ෂ-මෙන්ගල් (BNP-M) හි ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන සජිඩ් තරීන් පවසා ඇත්තේ, රැලිය අවසන් වීමෙන් පසු රථගාලේ පිපිරීම සිදු වූ බවත්, පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවත්ය.