ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි, මේ වසරේ ගතවූ මාස අටක් තුළ ඩෙංගු රෝගින් 36,708ක් මෙරටින් වාර්තා වී ඇත.
අගෝස්තු මාසය තුළ පමණක් 2,749 නව රෝගීන් හඳුනාගෙන ඇති අතර, පෙර කාලයට සාපේක්ෂව එය අඩු සංඛ්‍යාවක් ලෙස සෞඛ්‍ය අංශ පෙන්වයි.
මේ අතර, ජීවිත 19ක් දැනටමත් අහිමිවී තිබේ.
වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ, ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම මේ දිනවල ව්‍යාප්ත වන බැවින්, උණ ඇති පුද්ගලයෙකු පැරසිටමෝල් පමණක් භාවිත කළ යුතු බවයි. වෙනත් වේදනා නාශක භාවිත කළහොත් අභ්‍යන්තර රුධිර වහනයට ලක් වීමේ අවදානම තිබේ.
එමෙන්ම, උණ දින තුනකට වඩා පවතින අවස්ථාවල වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත් ජනතාවට උපදෙස් දී ඇත.