අද (3) පස්වරු 2.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ හයිලෙවල් මාර්ගයේ රථවාහන සැලැස්මට විශේෂ වෙනස්කම් සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මෙය සිදුකරන්නේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත 159 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සව හේතුවෙනි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වේ.
එය සම්බන්ධයෙන් තුම්මුල්ල මංසන්ධියෙන් තිඹිරිගස්යාය මංසන්ධිය දක්වා කලාපය තුළ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන අතර, උත්සව කාලය තුළ බර වාහන එම මාර්ග භාවිතා කිරීමට සීමා කර තිබේ.
පොලිසිය පැවැසුවේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවන මංතීරුවේ ඇති බස් නැවතුම එම කාලය තුළ හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දිය දක්වා රැගෙන යන බවයි.