ලබන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය viii වැනි විධායක ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය හේතුකොට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.
ඒ අද (2) කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව විසින් ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළ අතර කල් දමනු ලැබූ එජාපයේ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බවද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.
වික්‍රමසිංහ මහතාට ලබාදී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළැඹුන බවද එජාප මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.