ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දේශපාලන උපදේශන සමාරම්භක සැසිය සාර්ථකව අවසන් වූ බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද (සැප්තැම්බර් 04) ප්‍රකාශ කළේය. ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි.
නව ගිවිසුමකින් ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කෙරේ
වසර හතළිහකට වඩා පැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස, දෙරට අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර වාණිජ හා ආයෝජන, සංචාරක කටයුතු, අධ්‍යාපන සහ සංස්කෘතික හුවමාරු, බලශක්ති, කෘෂිකාර්මික ක්ෂේත්‍ර, ඉතාලි රියදුරු බලපත්‍ර සම්බන්ධ එකඟතාව, ගුවන් ගමන් සේවා, නාවික කටයුතු සහ පාරම්පරික උරුම සංරක්ෂණය වැනි විවිධ ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු වී ඇත.
මෙම සාකච්ඡා වටය ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර හවුල්කාරිත්වය සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කරන සාර්ථක පියවරක් වූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.