2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබේ.
ඒ අනුව https://www.doenets.lk/examresults සබැදිය ඔස්සේ ඔබට ප්‍රතිඵල පරික්ෂා කරගත ගැකිය.
විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියේ එම විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි.
මෙම වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත් වුණි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638ක් සුදුසුකම් ලබා සිටි අතර, දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලබා සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 76,313ක් වෙයි.
ඒ අනුව සම්පූර්ණ අයදුම්කරුවන් 307,951ක් විභාගයට පෙනී සිට ඇත.