යාපනයේ කොඩිගාමම් ප්‍රදේශයේදී කාන්තාවක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
දුම්රිය මාර්ගය හරහා මාරුවීමට ගිය කාන්තාවක්, කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමී දුම්රියට ගැටී, සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මළ සිරුර දුම්රිය නිලධාරීන් විසින් කොඩිගාමම් දුම්රිය ස්ථානයට ගෙන ගොස් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත භාර දී ඇත.
පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.