නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 15 දෙනෙක් ඊයේ (03) රාත්‍රියේ නවක වදය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සිසුවියන් 06 දෙනෙකුත්, සිසුන් 09 දෙනෙකුත් වන අතර, ඔවුන් 21/22 අධ්‍යයන වර්ෂයේ ශිෂ්‍යාවන්ට අසභ්‍ය වචන භාවිතා කර බැන තර්ජනය කිරීම හා නවක වදය සිදුකිරීමේ අදාළ චෝදනා යටතේය.
අත්අඩංගුවට ගත් සිසුන් හා සිසුවියන් බණ්ඩාරවෙල, අතුරුගිරිය, ඇටම්පිටිය, කෝට්ටේ, ගල්අමුණ, ලුණුගම්වෙහෙර, අලහේනේගම, කන්තලේ, ගම්පොල, වතුරුගම, අඟුරුවාතොට, මීවනපලාන, පන්නිපිටිය, හුගස්තලාව සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි අය ලෙස හඳුනාගෙන ඇත.