මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයක් තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (4) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
2023 වසරේදී බීමත්ව රිය පදවා අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ සෙනෙවිරත්න මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
තමාට එරෙහි නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලා සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණයේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.