හිටපු ජාතික ලොතරැයි මණ්ඩල අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ඇප ඉල්ලීම අද (04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
නාරාහේන්පිට ප්‍රදේශයේදී තමා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හල්ලොලුව මහතා, තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව, ඔහු ලබන සැප්තැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටිනු ඇත.