උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර කොටසේ අද (05) උදෑසන සිදුවූ පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරීම සඳහා පීලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක් මෝටර් රථයක එන්ජිමක් පීලි පැනීමකට ලක්වීමෙනි. සිද්ධිය වූ ස්ථානය හැටන්-රොසැල්ල අතර 105½ සැතපුම් කණුව ආසන්න බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනතුරට පත් වූ ට්‍රැක් මෝටර් රථයේ කාර්ය මණ්ඩලය විසින්ම එය නැවත පීලි මතට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වාත්, කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානය දක්වාත් පමණක් ධාවනය වන බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.
දුම්රිය ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව දුම්රිය බලධාරීහු වැඩිදුරටත් පැවසූහ.