විදේශ සංචිත සුළු වශයෙන් ඉහළට

 

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත 2025 අගෝස්තු මාසයේදී සුළු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, අගෝස්තු මාසය අවසානයේදී රට සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය, ජූලි මාසය අවසානයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 6.147ක සංචිත වත්කම් ප්‍රමාණයට සාපේක්ෂව 0.3%ක වර්ධනයකි.

මෙම සුළු වර්ධනය, රටේ විදේශ විනිමය ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සහ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට උපකාරී වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart