පුරප්පාඩු නිසා සරසවි පීඨ වසා දැමීමේ සැලසුමක්

 

ආචාර්යවරුන්ගේ හිඟය සහ ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් ඇතැම් විශ්වවිද්‍යාල පීඨ වසා දැමීමට වත්මන් රජය සාකච්ඡා පවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) පවසයි.

මෙවැනි තීරණයක් මීට පෙර කිසිදු රජයක් විසින් ගෙන නොමැති බවත්, මෙය බරපතළ තත්ත්වයක් බවත් සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පෙන්වා දෙයි.

“අවශ්‍ය මානව සම්පත් බඳවාගෙන, යටිතල පහසුකම් වැඩිදියුණු කරනවා වෙනුවට විශ්වවිද්‍යාල වසා දැමීමට සාකච්ඡා කිරීම කිසිසේත්ම නොවිය යුත්තක්” යැයි ඔහු අවධාරණය කළේය.

යම් හෙයකින් රජය විශ්වවිද්‍යාල හෝ පීඨ වසා දැමීමට කටයුතු කළහොත් ඊට එරෙහිව කොන්දේසි විරහිතව විරෝධය පළ කරන බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම චෝදනා සම්බන්ධයෙන් රජයේ නිල ප්‍රකාශයක් මෙතෙක් නිකුත් වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart