ඊශ්‍රායලයෙන් ගාසාවලට අනතුරු ඇඟවීමක්

 

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා නගරය අත්පත් කරගැනීම සඳහා භූමි ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, එහි පදිංචිකරුවන්ට වහාම එම ප්‍රදේශයෙන් ඉවත් වී ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මානුෂීය කලාපය වෙත යන ලෙස ඊශ්‍රායල හමුදාව දැනුම් දී තිබේ.

ගාසා නගරය තුළ මිලියනයකට අධික ජනතාවක් සිටින අතර, මෙම ප්‍රදේශය හමාස් සංවිධානයේ අවසන් බලකොටුව ලෙස සැලකේ. කෙසේ වෙතත්, මෙම භූමි ප්‍රහාරය හදිසියේ සිදු වුවහොත් එය දරුණු මානුෂීය ව්‍යසනයක් බවට පත්විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.

ඊශ්‍රායල හමුදාව මෙම පියවර ගෙන ඇත්තේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ අරමුණින් බවට විශ්වාස කෙරේ. නමුත් මෙම තත්ත්වය නිසා සිවිල් ජනතාවගේ ජීවිත තවදුරටත් අවදානමට ලක්විය හැකි බවට ජාත්‍යන්තරය කනස්සල්ල පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart