ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට බෙදීමේ රජයේ සැලැස්මට එරෙහිව සේවකයන් ආරම්භ කළ “අකුරට වැඩ” වෘත්තීය ක්‍රියාමාර්ගය අද (6) දිනටත් ක්‍රියාත්මක වේ.
කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ, ස්වේච්ඡා වන්දි යෝජනාවකට එක් සේවකයෙකුවත් එකඟ වී නොමැති බවයි.
“මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පළමු අදියර යටතේ මේ මස 15 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වෙයි. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආණ්ඩුව ගත් වගකීම් විරහිත හැසිරීම නිසා අපට මෙම ක්‍රියාමාර්ගය ගැනීම හැර වෙන මාර්ගයක් තිබුණේ නැහැ. පසුගියදා ඇමතිවරයාවත් හමුවී සාකච්ඡා කළත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නෑ” යැයිද ඔහු පැවසීය.