පානදුර අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශය අද (6) පෙරවරුවේ වෙඩි වෙඩිතැබීමක් සිදුව තිබේ.
නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් N99 වර්ගයේ පිත්තෝල ගිනිඅවියකින් වෙළෙඳසැලක් ඉලක්ක කර වෙඩි තැබූ අතර, වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇති අතර, වෙඩි ප්‍රහාරය වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වැදී ඇත.
මේ සම්බන්ධව අලුබෝමුල්ල පොලීසිය සහ පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ දැඩි පරීක්ෂණ ආරම්භ කර තිබේ.