මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයා ගත් කන්ටේනර් දෙකෙන් ලබා ගත් සාම්පල 20න් 5කම අයිස් හෙවත් මෙත් සාන්ද්‍රණයන් ඇතුළත් බවට අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් මහතා පවසයි.
අදාළ ඉඩමේ සිටියදී සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන ඒකකයට භාර දී තිබේ.
ඉහත සොයාගැනීම ශ්‍රී ලංකාවේ “අයිස්” නිෂ්පාදනයේ උත්සහයක් ව්‍යර්ථ කිරීමට පොලීසියට හැකි වූ බවත්, මෙය විදේශයෙන් ගෙන්වන මත්ද්‍රව්‍යයක් බවත් ප්‍රකාශකවරයා පැවසීය.
මෙම අන්තර්ගතයන් පිළිබඳව ඉදිරියේ දී මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සියලු සාර්ථක වැටලීම් පිටුපස මහජනතාව සිටින බවත් එසේ සහයෝගය දක්වන්නන්ට සිය කෘතඥතාව පළ කරන බවත් ය.