හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කරයි. අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත ඔහු ඊයේ (සැප්තැම්බර් 5) පස්වරුවේ මෙලෙස රෝහල් ගත කර ඇත.
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ අරගලකරුවන් විසින් විනාශ කරන ලද මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය සඳහා නීති විරෝධී ලෙස රුපියල් අසූඅට ලක්ෂ පනස් දහසක (8,850,000) මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමිනි. දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ඔහුට එරෙහි නඩුව අගෝස්තු 29 වැනිදා යළි කැඳවූ අතර, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැප්තැම්බර් 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.