ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ අතර අද (07) පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි–20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ජයගත්තාය. ඒ අනුව ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කර ඇත.
පෙර පැවති තරග දෙකින් දෙපාර්ශවයම එක් තරගයක් බැගින් ජයගත් බැවින්, මෙම තරගයේ ජය ගන්නා කණ්ඩායමට ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හැකි වේ.
අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම විසින් වෙනස්කම් දෙකක් සිදු කර ඇත. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා සහ මතීෂ පතිරණ කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර, නුවනිඳු ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ අද දින තරඟය සඳහා සහභාගි නොවේ.