ලූණු මිල පහළට !

දේශීය ලොකු ලූණු කිලෝග්‍රාමයක තොග මිල රුපියල් 100 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ආනයනික ලොකු ලූණු වෙළෙඳපළ මිල ඒකාධිකාරී ලෙස පාලනය කරන බව ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ මහතා පැවැසීය. 2025 යළ කන්නයේ දේශීය ලොකු ලූණු අස්වැන්න වෙළෙඳපළට ගෙන ආවත්, මිල ස්ථායී කිරීමට ආණ්ඩුව මැදිහත්ව නැති බවත් එය ආණ්ඩුවට එරෙහි චෝදනාවක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙවර යළ කන්නයේදී හෙක්ටයාර් 2,000කට ආසන්න ප්‍රමාණයකින් ලොකු ලූණු වගා කර ඇති අතර මාතලේ, අනුරාධපුරය සහ මහවැලි කලාපවල ගොවි පවුල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් මෙම වගාවන්ට සම්බන්ධ වී ඇත.

ඔහු තවදුරටත් පැවැසූයේ, යළ කන්නයේ සමස්ත අස්වැන්න මාස දෙකකට පමණ ප්‍රමාණවත් වන අතර, ආනයනකරුවන්ද මාස දෙකකට ප්‍රමාණවත් තොග වෙළෙඳපළට නිකුත් කිරීමට සූදානම් කර ඇති බවයි. එමඟින් දේශීය ලොකු ලූණු මිල තවදුරටත් පහළ දැමීම ඔවුන්ගේ අරමුණ බව ද ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart