හොරණ කබල්ලගොඩේ පුද්ගල ඝාතනයක් !

හොරණ කබල්ලගොඩ ප්‍රදේශයේ දී සිදු වූ ආරවුලක් අවසානයේ 66 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇත. මියගොස් ඇත්තේ කබල්ලවත්ත, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, අදාළ පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ තර්කයක් උග්‍ර වීමෙන්, එම නිවසේ පදිංචි පුද්ගලයෙක් ආයුධයකින් පහර දී ඝාතනය සිදු කර ඇති බවය. හොරණ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart