විදේශ සේවා ප්‍රේෂණය හා සංචාරක ඉපැයීම් 2025 අගෝස්තු මාසයේදී ඉහළට !

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 680.8ක් ලැබී ඇත. මෙය 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු ප්‍රේෂණය ඇමරිකානු ඩොලර් බිලියන 5.116ක් බවට පත්වන අතර, පසුගිය වසරට සාපේක්ෂව සැසඳිමේ දී 19.3%ක වැඩි වීමක් දක්වයි. එමඟින් විදේශ සේවා ප්‍රේෂණය ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් මහත් ආදායම් මූලාශ්‍රයක් බව මෙමඟින් තහවුරු වෙයි.

මෙම වසරේ මුල් මාස අට තුළ සංචාරක ඉපැයීම් ද ඇමරිකානු ඩොලර් බිලියන 2.03 ලෙස වාර්තා වී ඇත. එය 2024 වසරේ එකම කාලයේ දී ලැබුණු බිලියන 1.88 සමඟ සසඳන විට 7.8%ක වර්ධනයක් වේ. ඒ අනුව, විදේශ සේවා ප්‍රේෂණය හා සංචාරක ඉපැයීම් යන දෙකම ශ්‍රී ලංකා විදේශ විනිමය ආදායමට දැඩි සහාය දක්වන බව මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛන පෙන්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart