සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරඟය ඊයේ දිනයේ දී පැවැත්විණි.
මෙහිදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අවසන් වූයේ සියලු දෙනා දැවී ලකුණු 80ක් රැස් කරමින් ය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු පහක් දැවී ලකුණු 85ක් සම්පූර්ණ කරමින් තරගයේ ජයග්‍රාහී කණ්ඩායම බවට පත් විය.