විෂ හතුවලින් ඝාතනයන් කළ කාන්තාවක් ජීවිතාන්තය දක්වා හිරේ

ලොව වඩාත්ම විෂ සහිත හතු යොදාගෙන දිවා ආහාරය සඳහා පැමිණි අමුත්තන් තිදෙනෙකු ඝාතනය කළ බවට වරදකරු වූ කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සඳුදා දින මෙල්බර්න් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව‍ය.

වසර 50 ක් වයසැති එරින් පැටර්සන්, 2023 දී වික්ටෝරියා ප්‍රාන්තයේ ඇයගේ නිවස අසලින් නෙළාගත් විෂ සහිත “ඩෙත් කැප්” හතු යොදා, බීෆ් වෙලින්ටන් ආහාර වේලකට මිශ්‍ර කර, අමුත්තන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජූලි මාසයේදී වරදකාරිය බවට පත් වී ඇත.

ඇයගේ හිටපු සැමියාගේ දෙමාපියන් ද ඝාතනයට ලක් වූ පිරිස අතර වූ අතර, අනතුරුව රෝහලට ඇතුළත් කළ ඔවුන් බහුවිධ ඉන්ද්‍රිය අක්‍රිය වීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙම ආහාර වේලෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වූ ඉයන් විල්කින්සන්ව ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද ඇයට වසර 25ක සිර දඬුවමක් නියම වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart