කඳාන දුම්රියපොළ පාරේ වළ දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට උපයෝගී කරගන්නා බවට සැක කෙරෙන සුදු පැහැති කුඩු කිලෝ 100ක් සොයාගත් බව කඳාන පොලිසිය පවසයි. කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අපරාධයක් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව එම කුඩු තොගය සොයාගෙන ඇත. කඳාන දුම්රියපොළ පාරේ ඉඩමක සහ ඒ ආසන්නයේ පිහිටි බිමක තිබී මේවා සොයාගෙන ඇත.