දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (08) මෙම පෙත්සම් කැඳවනු ලැබිය.

එහිදී නියෝග කළේ සියලු පෙත්සම් එක්වරම පෙබරවාරි මස 12 දා විභාගයට ගන්නා බවය.

මෙය ඉදිරිපත් කර ඇත්තේ කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 09කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart