කොල්ලූපිටිය මුහුදු තීරයේදී කාන්තාවක් සහ ඇගේ අවුරුද්දයි මාස දෙකක දරුවා මුහුදට වැටීමෙන්, දරුවා දියවැලට ගසාගෙන ගොස් අතුරුදන් වී තිබේ. මව බේරාගත් නමුත් හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇයව ඇතුළත් කර ඇත.
පොලිස් විමර්ශන අනුව, මෙම කාන්තාව තමන්ගේ ස්වාමිපුරුෂයා සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් දරුවා සමග කොල්ලූපිටියට පැමිණ තිබේ. එම ස්වාමිපුරුෂයා නුවරඑළිය ප්‍රදේශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් බවද හෙළිවී ඇත.
මෙම කාන්තාව දරුවාද සමඟ මුහුදට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කළේද, නැතහොත් දරුවා මුහුදට විසි කළේද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.