වැල්ලවාය – තණමල්විල ප්රධාන මාර්ගයේ, යාලබෝව ලංගම ඩිපෝව ඉදිරිපිටදී, ලොරි රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ඒ අනුව, අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙක් තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කර ඇත.
ලොරි රථයක දුනු කොලයක් කැඩී යාමත් සමඟ රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වන අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය වෙයි.