ඉන්දියාව තම ඩයස්පෝරාව RSS නිහඬ කිරීම සඳහා ඉන්දියාවේ ඉපදී වෙනත් රටවල ජිවත්වන බුද්ධිමතුන් වෙනුවෙන් ඉන්දියාවෙන් පිරිනමන OCI කාඩ්පත ඉන්දියාව සමබන්ධයෙන් විවේචනය ඉදිරිපත් කරන පුද්ගලයන්ගෙන් ඉවත් කරන බවට වාර්තා වේ.
බ්‍රිතාන්‍ය පමණක් ඉන්දියානුවන් මිලියන දෙකකට අධික ජනගහනයකට නිවහන වී ඇති අතර OCI යනු විදේශීය පුරවැසිභාවය ලබා ගත් ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින්ට ලබා දී ඇති විශේෂ තත්ත්වයකි. මේ හරහා ඔවුන්ට ඉන්දියාවට පැමිණීම සඳහා බහු-ප්‍රවේශ, ජීවිත කාලය පුරාම වීසා බලපත්‍රයක් ලබා දෙන අතර, ඔවුන්ට සීමාවන් නොමැතිව සංචාරය කිරීමට සහ රැඳී සිටීමට ඉඩ සලසයි. ලොව පුරා මිලියන 4 කට අධික ජනතාවක් OCI තත්ත්වය දරයි.
පසුගිය වසර නවය තුළ, ඉන්දීය බලධාරීන් විසින් පුද්ගලයින් 120 කට වැඩි පිරිසකගේ OCI අවලංගු කර ඇති අතර ස්වාධීන ඉන්දියානු මාධ්‍යයක් වන The Wire ට අනුව, මෙය වේගයෙන් වර්ධනය වන ප්‍රවණතාවයක් වන බවත්, විවේචන මැඩපැවැත්වීමට නිර්මාණය කර ඇති බවත්, දක්ෂිණාංශික හින්දු සංවිධානයක් වන RSS එහි බෙදීම් දේශපාලනය සඳහා විවේචනය කිරීම සිමා කිරීමට භාවිතා කරන තත්වයක් බවත් වාර්තා වේ.
1955 පුරවැසි පනතේ 7D වගන්තිය යටතේ (1) වංචාව, (2) “ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි අතෘප්තිය”, (3) යුද්ධයක් අතරතුර ඉන්දියාව සම්බන්ධ වී සිටින සතුරෙකු සමඟ සන්නිවේදනය හෝ වෙළඳාම, (4) වසර දෙකකට වැඩි කාලයක් සිරගත කිරීම හෝ (4) ‘ඉන්දියාවේ ස්වෛරීභාවය සහ අඛණ්ඩතාව, ඉන්දියාවේ ආරක්ෂාව, ඕනෑම විදේශ රටක් සමඟ ඉන්දියාවේ මිත්‍ර සබඳතා හෝ පොදු ජනතාවගේ අවශ්‍යතා සඳහා එසේ කිරීමට අවශ්‍ය නම්’ යන තත්වයන් යටතේ OCI අවලංගු කිරීමට අවසර ඇත.