මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රට පුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කථානායකවරයාට අනුව, ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ 49 වැනි අධිකාරියේ 12 වැනි වගන්තිය යටතේ ඔහුට පැවරී ඇති බලතල අනුවය. මෙම ආඥාව මගින් රටේ සාමය පවත්වාගෙන යාම සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සන්නද්ධ හමුදාව යෙදවීමට ඉඩ සැලසෙනු ඇත. මෙය හදිසි තත්ත්වයක් යටතේ ගනු ලැබූ පියවරක් ලෙස සැලකේ.