බලහත්කාරයෙන් රැඳී සිටින ටිල්වින්ගේ පාර්ශවයට යක්කල කාර්‍යාලයෙන් පිට වන ලෙසත්, නඩු කටයුත්ත අවසන් වන තෙක් තාවකාලික භාරකාරීත්වය පොලීසියට පවරන ලෙසත් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරන ලදී.
යක්කල පිහිටි පෙ ස ප කාරර්‍යාලයට කඩාපැන පසුගියදා බලහත්කාරයෙන් අල්ලාගෙන සිටිමට අදාළව අධිකරණය හමුවේ ගොනුකල නඩුව අද දින ඉහත තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය නියෝග කරන ලදි.