විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ නේපාලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිත බවය.
ඉන්දියාවේ සිට ගොඩබිම් මාර්ගයෙන් නේපාලයේ ලුම්බිණි බලා ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකු ඉවත්කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.
පද්ධති දෝෂයක් හේතුවෙන් ඇතිවූ ගැටළු නිරාකරණය සඳහා නේපාල සංක්‍රමණික බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයක් ඇතිකරගෙන සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.