සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ 2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම් දීමනාව අනිද්දා (12) සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවය.
මේ අනුව රු.11.2 බිලියනක මුදලක් පවුල් 1,412,574ක් අතර බෙදාහැරීමට නියමිත අතර, එම මුදල් සියලුම අස්වැසුම් ප්‍රතිලාභී ගිණුම්වලට බැර කෙරෙනු ඇත.
ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට සැප්තැම්බර් 12 වැනිදා සිට තම අස්වැසුම් දීමනාව සෘජුවම තමන්ගේ ගිණුම්වලින් ලබාගත හැකි වේ.