මහින්ද අද මැදමුලනේ පදිංචියට

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ හත විජේරාමයේ නිල නිවසින් ඉවත් වීමට කටයුතු සූදානම් කරමින් සිටී.

ඒ අනුව ඒ මහතා අද දින විජේරාම නිල නිවසෙන් ඉවත්ව යාමට නියමිතව ඇති බව සමීප ආරංචි මාර්ග කියා සිටී.

ඔහු තංගල්ල කාල්ටන් නිවසට යාමට නියමිතව ඇති බවද සඳහන් වෙයි.

හිටපු ජනාධිපති යොදවා සිටින ආරක්ෂකයන් ප‍්‍රමාණවත් පහසුකම් සලසා දිය හැකි ප්‍රමාණය නිවසක් ඒ මහතාට කොළඹ ආසන්නයෙන් නොමැති වීම මත මෙම පියවර ගෙන ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ 1970 දී ය. ඔහුගේ පියා වන ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ අභාවයෙන් පසු ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. එකල ඔහු ලංකාවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart