රථවාහන පොලිස් නිළ ඇඳුමටත් කැමරාවක්

රථවාහන නීති උල්ලංඝන කිරීම් අඩු කිරීමේ අරමුණින්, ඉදිරි දිනවල සිට සියලුම රථවාහන පොලිස් නිලධාරීන්ට නිල ඇදුමට සවි කළ හැකි කැමරාවන් ලබා දීමට පොලීසිය තීරණය කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහාකාර පොලිස් අධිකාරී එෆ්. යු.වුඩ්ලර් මහතා සඳහන් කළේ, මෙම කටයුතු ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන බවයි.

අල්ලස දුෂණය වැළැක්විමත් , රථවාහන නිළධාරීන්ට රියැදුරන්ගෙන් සිදු වන බලපෑම්වල නිවරුදිබව තහවුරු කිරීමත් මෙම තීරණය තුළින් අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart