මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිලමේ ධුරය සම්බන්ධයෙන් හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 23 දාට යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යටතේ ඊයේ (10) මෙම පෙත්සම සලකා බැලීමේදී මෙම නියෝගය ලබා දී ඇත.
මෙම පෙත්සම ගම්පොළ පදිංචි සාලිය ප්‍රසාද් නන්දසිරි නම් පුද්ගලයෙකු විසින් ගොනු කර ඇති අතර, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු අය වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.