සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත, උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යු. වුට්ලර් සඳහන් කළේය.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරමින් සිටින අයෙකි.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනෙකු පසුගියදා දිවයිනට රැගෙන ආ පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින අතර, මෙම ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.