අධිකරණ සේවා කොමිෂන් සභාව සදහන් කළේ, මහේස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.
මෙම පියවර සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන අතර, මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා අදාළ මාරුවීම් සිදු කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, අධිකරණ පුහුණු ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ නිලධාරීන් 17 දෙනෙකු, නව මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක දිසා විනිසුරුවරුන් ලෙස පත්කර ඇති බවද කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.