හිටපු ජනපති වරප්‍රසාද කැපීමෙන් පුරවැසියෙකුට රු.4ක්ම වාසියි!

 

හිටපු ජනාධිපතිවරුන්ගේ අධික වියදම් සහිත වරප්‍රසාද සීමා කිරීමට අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ ‘හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවකින් හෙළි වූයේ, 2024 වසරේදී හිටපු ජනාධිපතිවරුන් සඳහා රජය විසින් වැය කර ඇති මුළු මුදල රුපියල් 98,548,839ක් බවයි.

මෙම වියදම්, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (රු. 11,664,348), මහින්ද රාජපක්ෂ (රු. 54,652,990), ගෝඨාභය රාජපක්ෂ (රු. 15,772,450), මෛත්‍රීපාල සිරිසේන (රු. 10,222,881) සහ රනිල් වික්‍රමසිංහ (රු. 3,492,309) සඳහා වෙන් කර තිබූ මුදල් වේ.

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22.2ක් ලෙස සලකා බැලූ විට, මෙම පනත සම්මත වීමෙන් රටේ එක් පුරවැසියෙකුට වසරකට ඉතිරි වන්නේ රුපියල් 4.44කට ආසන්න මුදලකි.

2025 වසර සඳහා ශ්‍රී ලංකා රජයේ අපේක්ෂිත මුළු වියදම රුපියල් බිලියන 7,190ක් වන අතර, හිටපු ජනාධිපතිවරුන් සඳහා වැය කළ මෙම මුදල සමස්ත වියදමෙන් 0.0014%ක සුළු ප්‍රතිශතයක් පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart