අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.
මෙය 5 සහ 6 ශ්‍රේණි හැර, දෙවැනි ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේදී අදාළ වනු ඇත.
ඊට අමතරව, ජාතික පාසල්වල පවතින පුරප්පාඩු ජුනි 30 වැනිදා වන විට අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති බවද සඳහන් කර ඇත.
අයදුම්කරුවන්ට නව චක්‍රලේඛය අනුව තම අයදුම්පත් සහ අතිරේක ලේඛන, සැප්තැම්බර් 26 වැනිදාට පෙර, ලියාපදිංචි තැපෑල මගින් විදුහල්පතිවරුන් වෙත යොමු කළ යුතුය.