වසර 27 ක සිර දඬුවමක් ලැබූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති

හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 යි මාස තුනක සිර දඬුවමක් නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කර ඇති බවයි.

2022 මැතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජය වීමෙන් පසු බලයේ රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම හේතුවෙන් ඔහු මෙලෙස වරදකරු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart