ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්යක්ෂ, කොළඹ ඇක්වයිනාස් ආයතනයේ හිටපු ප්‍රධානී සහ කඩවත-ඇල්දෙණිය ගර්භවාස මාතා දේවස්ථානයේ මීසම් පාලකවද වූ ගරු බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගගත වූහ.
කතෝලික සභාව සහ ජනමාධ්‍ය ක්ෂේත්රය අතර යහපත් බැඳියාව මීට දශකයකටත් වැඩි වකවානුවලදී පවත්වාගෙන ගිය පියතුමාණෝ, තමන් අනුගමනය කළ දිවැසිවර කාර්යය තුළ අවසන් කාලයේ රෝගාතුරව වුවද සමාජය තුළ පැසසුමට සහ ඇගයුමට ලක් වෙමින් ගත කළහ.
ඔහුගේ අවසන් මීසම් සේවය හැව්ලොක් ප්‍රදේශයේ කතෝලික සභාවේ Evening Stars හිදී සිදු විය.