රුපියල් 10,000 ක අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙක් මාට්ටු

අම්පාර කොට්ඨාසයේ කාර්තිවු පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු, අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, සයින්දමරුදු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ආදායම් බලපත්‍රයකට නඩු නොපවරා, යළි ලබා දීමට අදාළව පොලිස් කොස්තාපල්වරයා විසින් අල්ලස් වශයෙන් රුපියල් 10,000 ක මුදලක් අදාළ ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් වෙයි.

එම ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලකට අනුව සැකකරු මෙලෙස කාර්තිවු පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart