ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීමේ කටයුතු අවසන් අදියරේ

2025 වසර සඳහා වූ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ වනවිට අවසන් අදියරට ළඟා වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

ඔහු පැවසූවේ, නාමලේඛනය සම්බන්ධව දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත් කරන ලද හිමිකම් සහ විරෝධතා පිළිබඳ පරීක්ෂණ මේ දිනවල දිස්ත්‍රික්ක භාර සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සිදුකරමින් සිටින බවයි.

එම කටයුතු අවසන් වූ වහාම, 2025 වසරට අදාළ ප්‍රධාන ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට කටයුතු කරන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart