නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතය.

මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව ඇති බවද විදෙස් වාර්තාවන්හි දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart