රජයේ ඉඩම් ගැන නව පනතක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රජයේ ඉඩම් සම්බන්ධ සියලුම පනත් එකට එක්කර, නව එක්සත් පනතක් සකස් කිරීමේ වැඩපිළිවෙලක් දැනට කටයුතු කරමින් සිටින බවය.

ඇතැම් විට භූමිය සම්බන්ධ පනත් සංකීර්ණ වීම නිසා, එක් නීතියක් සකස් කිරීමෙන් ඉඩම් පරිහරණය පහසු වන බවත්, ජාතික ඉඩම් පරිහරණ සැලැස්මත් සමග අනෙකුත් පනත් සරල කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

එමෙන්ම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවට වැඩි බලතල ලබා දිය යුතු බවත්, නැතිනම් අවසර ලබාගැනීමේදී නව ආයතන ඇතුළත් වීම පමණක් සිදු වන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

මුහුද ගොඩකර සකස් කරන ලද කොළඹ වරාය නගරයේ අයිතිය සම්බන්ධව දැනට වසර කීපයකට පෙරදී කතිකාවතක් පැවති බවත්, එය නිරවුල් කිරීම සඳහා අණ පනත් පරීක්ෂා කිරීමේදී “ආණ්ඩුකාරවරයාගේ නියමය මත මුහුද ගොඩකර සාදන ලද භූමිය රජය සතු වන්නේය.’’ යනුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ලියන ලද රජයේ ඉඩම් ආඥා පනතේ සඳහන්ව තිබූ බවද, ඒ අනුව එම ඉඩමේ අයිතිය තහවුරු කරගැනීමට හැකිවූ බවත් ලේකම්වරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart